ජනපති කාත්තන්කුඩි බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගනියි

‘පුළුවන් ශ්රී ලංකා’ ජයග්රාහී ජන රැලි මාලාවේ කල්කුඩා  සහ ඔට්ටමාවාඩි ජන රැලිවලට සහභාගි වන අතරතුර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (08) පෙරවරුවේ  කාත්තන්කුඩි-05 බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගත්තේය.

එහිදී අල්හාජ් අබ්දුල් ජවාද් ආලීම් වලියුල්ලාහ් භාරකාරත්වයේ සභාපති අබ්දුර් රහ්මාන් මිස්බාහි මහතා ඇතුලු එහි සිටි පිරිස සමඟ ජනාධිපතිවරයා සුහද කතාබහකද නිරත වූ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ඒ. එල්. එම්. අතාඋල්ලා, අලි සහීර් මවුලානා මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපති එම්. එම්. ජසීම් යන මහත්වරුන් ඊට  එක්ව සිටියහ.

බදුරියා ජුම්ආ දේවස්ථානය යටතේ ජුම්මා දේවස්ථාන 02ක් ඇතුලු දිවයින පුරා පල්ලි 4ක් , කුරාන් පාසල් 7ක්, අරාබි විද්‍යාල 2ක් සහ සමාජ සේවා ආයතන 30කට වැඩි සංඛ්‍යාවක්   ක්‍රියාත්මක වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් එන අතරතුර  කාත්තන්කුඩි නගරයේ ව්‍යාපාරිකයින් සහ සාමාන්‍ය ජනතාව මුණ ගැසී ඔවුන් මුහුණ දෙන ගැටලු හා ඔවුන්ගේ අදහස් විමසීමට ද කටයුතු කළේය.

Share the Post:

Related Posts

සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

• ඒ වෙනුවෙන් අධ්යාපන අමාත්යවරයා ලෙස එදා ධවල පත්රිකාවෙන් ගෙන ආ යෝජනාවට එරෙහිව ජවිපෙ පාරට බැස්සා. • Gen Z පරපුරට

Read More

ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

• මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා. • “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික

Read More