“රනිල්ව කියවන්න” දිවයිනම ආවරණය කරමින් පැවැත්වෙන ප්‍රචාරක වැඩසටහන 07 වනදා ඇරඹේ

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්රියාවට නංවනු ලබන “රනිල්ව කියවන්න” නම් වූ ප්රචාරක වැඩසටහන හෙට (07) පෙ.ව 8.00ට දීප ව්යාප්තව ආරම්භ කෙරේ.

පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධානය කෙරේ.

නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු නොවන ආර්ථික ස්ථාවරත්වයක් ඇති රටක සුබවාදී හෙටක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු එක්රැස් කරමින් පැවැත්වෙන මම ප්‍රචාරක වැඩසටහන සමඟ එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට ගෞරවයෙන් ආරාධනා කෙරේ.

Share the Post:

Related Posts

සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

• ඒ වෙනුවෙන් අධ්යාපන අමාත්යවරයා ලෙස එදා ධවල පත්රිකාවෙන් ගෙන ආ යෝජනාවට එරෙහිව ජවිපෙ පාරට බැස්සා. • Gen Z පරපුරට

Read More

ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

• මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා. • “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික

Read More