info

අවිගත් කැරැල්ලට කිසිඳු සම්බන්ධයක් නැති බව පවසන ජවිපෙ තම නම අවභාවිතා කිරීම පිළිබඳ වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි

• ඉටුකළ නොහැකි පොරොන්දු දෙමින් ඔවුන් නැවතත් ජනතාව රවටමින් සිටිනවා. • අතීත වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසකට රටේ අනාගතය භාර දෙන්න පුළුවන්ද? • ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද?  අපනයන ආර්ථිකයක්ද? කියන්න ජවිපෙ අසමත්. • රට ගොඩනැඟීමට ලැබෙන අවසන් අවස්ථාව 2024 ජනාධිපතිවරණයයි – ජනපති “පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමින් පවසයි. රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම අවිගත් කැරැල්ලට කිසිඳු සම්බන්ධයක් නැති බව පවසන ජවිපෙ තම නම අවභාවිතා කිරීම පිළිබඳ වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද?

• මා විමසු ප්රශ්නයට පිළිතුරු නොදෙන අනුර විවාදයකට ඇරයුම් කරනවා. • ඊට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව විවාද  කර මාලිමාවේ නිසි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතුයි. • පසුව අනුර, මා සහ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සහභාගීවන වීඩියෝ සංවාදයට වේලාව වෙන් කර ගත හැකියි. • සජිත් අනෙක් අයට කථා කිරීමට ඉඩක් නොදුන්නද, ඔහුටද ඊට ඇරයුම් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද?

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුම තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතුයි

• මෙවර ජනාධිපතිවරණය ජනතාවගේ අනාගතය තීන්දු කරණ අවස්ථාවක්. • තව ටික දවසකින් සජිත් හිසරදයත් නොමිලේ දෙනවා. •  සටන් පාඨ කියමින් බොරු පොරොන්දු දෙන අයට ජනතාව තම අනාගතය භාරදිය යුතු නැහැ. • බුදුන් වහන්සේ ද දේශනා කළ පරිදි ජනතාව තම අනාගතයට බලපාන කරුණු බුද්ධියෙන් විමසා බැලිය යුතුයි – ජනපති අනුරාධපුර වෘත්තීයවේදීන්ගේ සහ ව්‍යවසායකයන්ගේ හමුවේදී පවසයි. “අපි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුම තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතුයි

Gen Z පරපුර සමාජයට ඇතුල් කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම අරමුණයි

• ලොව අනෙක් රටවල් මෙන් තමන්ට අවශ්ය අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතුයි. • බොරු සටන් පාඨ දේශපාලනය නිසා  ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි රට පසුපසට ඇද වැටුණා. • රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට මට ඉදිරි වසර 05 අවශ්‍යයි. • ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ මාර්ගය තරුණ පරපුරට සකසා Gen Z පරපුර සමාජයට ඇතුල් කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම අරමුණයි

සජිත්ගේ හෝ අනුරගේ අනාගතය නොව තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න

• පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාවගේ දුක නිවීමට සජිත් හෝ අනුර ඉදිරිපත් වුණේ නැහැ. • මම ජනතාව වෙනුවෙන් ඉන්ධන සහ පොහොර ඉල්ලන විට සජිත් හා අනුර මැතිවරණ ඉල්ලුවා. • අසීරුවෙන් ගොඩගත් රටේ ආර්ථිකය රැකගමු – ජනපති කිලිනොච්චියේ දී කියයි. සජිත්ගේ හෝ අනුරගේ අනාගතය නොව තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා මේ රටේ ජනතාව සජිත්ගේ හෝ අනුරගේ අනාගතය නොව තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න

මම සහන දෙන්නේ ජනතාව පොහොසත් කරවීමටයි

• සජිත්ගේ සහ අනුරගේ ප්රතිපත්තිය ජනතාව සැමදා දුප්පත්කමේ තබා දේශපාලනය කිරීමයි. • මෙවර ජනාධිපතිවරණයේ දි රටේ ජනතාව මා සමඟ එක්විය යුත්තේ එම වෙනස සඳහායි. • දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ  රජ රට ඇති කර,  රජ රට අතීත සශ්‍රිකත්වය නැවත ගෙන එනවා. • ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ මම සහන දෙන්නේ ජනතාව පොහොසත් කරවීමටයි

පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා ඉටු කළා

• ඒ වෙනුවෙන් ලැබෙන සියලු උපහාර සතුටින් පිළිගන්නවා. • මා ජනතාව වෙනුවෙන් ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගයට මුහුණ දුන්නා. • ජනතාව පෝලිම්වල දුක් විඳින විට සොයා ගැනීමටවත් නොසිටි සජිත්ට හා අනුරට අනාගතය භාර දීමට ජනතාව සුදානම් නැහැ. • පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට එක් වූ පිරිසට  රටේ අනාගතය ගොඩනැගීමේ ශක්තියද තිබෙනවා – ජනපති නාරම්වල දී පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා ඉටු කළා

ජනපති කාත්තන්කුඩි බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගනියි

‘පුළුවන් ශ්රී ලංකා’ ජයග්රාහී ජන රැලි මාලාවේ කල්කුඩා  සහ ඔට්ටමාවාඩි ජන රැලිවලට සහභාගි වන අතරතුර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (08) පෙරවරුවේ  කාත්තන්කුඩි-05 බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගත්තේය. එහිදී අල්හාජ් අබ්දුල් ජවාද් ආලීම් වලියුල්ලාහ් භාරකාරත්වයේ සභාපති අබ්දුර් රහ්මාන් මිස්බාහි මහතා ඇතුලු එහි සිටි පිරිස සමඟ ජනාධිපතිවරයා සුහද කතාබහකද නිරත වූ අතර අමාත්‍ය නිමල් ජනපති කාත්තන්කුඩි බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගනියි

වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කරනවා

• මඩකලපුව ලොව ප්රධාන සංචාරක කලාපයක් ලෙස දියුණු කරනවා. • රටට අවශ්‍ය සංවර්ධනය ලබා දෙමින් ආර්ථිකය දියුණු කළ හැක්කේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළට පමණයි. • සජිත් හා අනුර කථා කරනවා විතරයි. • ඔවුන් ළඟ විසඳුම් නැහැ – ප්‍රශ්න පැමිණි විට පැන යනවා – ජනපති මඩකලපුවේදී කියයි. වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කරනවා

ලයින් කාමර අහෝසි කරනවා

• වතුකරයේ ජනතාවට ද උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදීම මගේ අපේක්ෂාවයි. • පෝලිම්වල දුක් විඳි ජනතාව  රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වුණා. • ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ එය නිවැරදි කිරීමටයි. • සජිත්ගේ හා අනුරගේ පොරොන්දු අද රටට වලංගු නැහැ : ඒවා කළොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. • රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ලයින් කාමර අහෝසි කරනවා